වැදගත් සිදුවීම්

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 366ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත

29 May 2020

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 04 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 04 දෙනෙකු 2020 මැයි 28 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

29 May 2020

ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය.

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝශයකට ලක්වූ ‘දෝනි’ නැමති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි මස 29) කටයුතු කරන ලදි.

29 May 2020

විදේශීය නෞකා කාර්ය මණ්ඩලය හුවමාරු කිරීමට නාවික හමුදාවේ සහය.

විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශ ජාතිකයින් පිරිසක් මත්තල සිට රැගෙනවිත් ගාල්ල වරායෙන් ආරක්ෂිතව සිය නෞකාවන් වෙත පිටත් කර යැවීමටත් එම නෞකාවන්හි සිටි විදේශ ජාතිකයින් පිරිසක් තම මව් රට බලා පිටත් කර යැවීම සඳහා මත්තල ගුවන්තොටුපල වෙත රැගෙන යාමට ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් ලබාදීමටත් 2020 මැයි මස 28 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදි.

29 May 2020

නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2020 මැයි 28 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් විවෘත කරන ලදි.

29 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 357ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

28 May 2020

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රාවන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්න මුහුදු තීරය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

28 May 2020

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 26 සහ 27 වන දිනයන්හි ත්‍රිකුණාමලය කෝවිල්කොඩිඉරුප්පු සහ කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් දෙකකදී එම වෙරළ තීරයන්හි සඟවා තිබූ නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

28 May 2020

බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කල කැබ් රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව යාපනය, පොන්නාලෙයි මන්සංධිය අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව මහෝගනී දැව ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සහ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 26 වන දින කටයුතු කරන ලදි.

28 May 2020

ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගිං ග‍‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට අද (2020 මැයි මස 27) නාවික හමුදාව කටයුතු කරන ලදී.

27 May 2020