වැදගත් සිදුවීම්

මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මැයි මස 19 වන දින කුච්චවේලි, පල්ලවකුලම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

20 May 2020

ජාතික රණවිරු සැමරුම් උළෙල අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියසදී

2020 ජාතික රණවිරු සැමරුම් උළෙල, සන්නද්ධ සේවා සේනාධිනායක, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (2020 මැයි 19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

20 May 2020

නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 45 දෙනෙකු සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 19වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

20 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 221ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 19 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

20 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 12 දෙනෙකු 2020 මැයි 19 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

20 May 2020

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ආරක්‍ෂිත ඇඳුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් ආරක්‍ෂක ඇඳුම් කට්ටල තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ‘හිරු සහන යාත්‍රා’ වැඩසටහන හා එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 19) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

19 May 2020

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 23 දෙනෙකු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් පුද්ගලයින් 23 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 18වන දින කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

19 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 209ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 18 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

19 May 2020

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම් තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 18 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.

18 May 2020

නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 18ක් සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 05 කට අයත් සාමාජිකයින් 18 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 17වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

18 May 2020