අභිනව නාවික හමුදාධිපති නිශාන්ත උළුගේතැන්න වෙත ඉන්දීය නාවික හමුදාධිපතිගේ සුභ පැතුම්
හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට නාවික හමුදාධිපති තුමන් සහභාගී වේ.

හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (2020 ජූලි 23) ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලද අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සහභාගී වන ලදි.
23 Jul 2020
නව නාවික හමුදාධිපති තුමන් මල්වතු පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින මහනුවර, මල්වතු මහා විහාරයේදී මහ නායක මාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගී විය.
23 Jul 2020
අභිනව නාවික හමුදාධිපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහානාහිමිපානන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 24 වන නාවික හමුදාධිපති ලෙස වැඩභාර ගැනීමෙන් පසු 2020 ජුලි 22 වන දින අස්ගිරි මහා නායක හිමියන් බැහැදැක මහනුවර, අස්ගිරි මහා විහාරයේදී ආශිර්වාද ලබා ගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගීවී සිටින ලදි.
23 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න අද (2020 ජුලි 21) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් හමුවිය. එහිදී, ගුවන් හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
22 Jul 2020
නාවික හමුදාධිපතිතුමන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 ජුලි 21) යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
22 Jul 2020
කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් සුවය ලබයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අවසාන නාවික හමුදා පුද්ගලයින් තිදෙනා (03) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුලි 20 වන දින ඉරණවිල රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කිරීමත් සමග කොවිඩ් 19 වෛරසය නාවික හමුදාව තුළින් අවසන් වෙයි.
21 Jul 2020