වැදගත් සිදුවීම්

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම (20) එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 13 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී (NARA) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුනු අතර, අද දින (2021ජූලී 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.

16 Jul 2021

වැලිසර නාවික මහ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකය විවෘත කෙරේ

වැලිසර නාවික මහ රෝහල තුල අභිනවයෙන් ඉදි කළ රුධිර කාන්දු පෙරණ ඒකකය (Hemodialysis Unit ) විවෘත කිරීම අද (2021 ජුලි 15) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙ‍රිණි.

15 Jul 2021

නාවික පර්යේෂණ ඒකකය ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි නව වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Bi- Annual Navy Journal) නව වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි කපිතාන් ලසන්ත විතානගේ විසින් අද (2021 ජුලි 14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදී.

14 Jul 2021

ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව බංගලාදේශ මහ කොමසාරිස් තාරික් මුහම්මඩ් අරිෆුල් ඉස්ලාම් මහතා (Tareq Md Ariful Isalam) අද (2021 ජූලි 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

09 Jul 2021

නාවික හමුදා දායකත්වයෙන් අළුත්වැඩියා කළ කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි සිසු අයිතියට

නාවික හමුදා මූල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කරන ලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ පිහිටි පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිල්ල, පුස්තකාල ගොඩනැගිල්ල සහ රැස්වීම් ශාලාව සිසු අයිතියට පත් කිරීම 2021 ජූලි 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

09 Jul 2021

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ ඉදිකරන ලද විශේෂ පුහුණු ආකෘතිය විවෘත කෙරේ

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය (Ship-In-a-Box - SIAB) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2021 ජූලි මස 07 වන දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විවෘත කෙරිණි.

08 Jul 2021

ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල විවෘත කරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ වළගම්බා ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක ගොඩනැගිල්ල 2021 ජුලි මස 07 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.

07 Jul 2021

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව අවසන් කළ නාවිකයින් හට නාවික හමුදාධිපති ලාංඡන පළඳවයි

විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඝණයේ 28 වන බඳවා ගැනීමට අයත් නාවිකයින් 43 දෙනෙකු හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජූලි 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

07 Jul 2021

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අද දිනය තුලදි (2021 ජූලි 06) කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී, රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී සහ උස්වැටකෙයියාව ශාන්ත මරියා මහා විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කෙරිණි.

06 Jul 2021

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.

05 Jul 2021