වැදගත් සිදුවීම්

කල්පිටිය උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ නව ජැටිය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් පාලනය වන උච්චමුනෙයි නාවික අනුකණ්ඩයේ අභිනවයෙන් ඉදිකළ කුඩා ‍යාත්‍රා නැවැත්වීමේ ජැටිය අද (2021 අගෝස්තු 30) වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

30 Aug 2021

මහජන චීන ජනරජය මගින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ලබාදෙයි

මහජන චීන ජනරජය මඟින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත ලබාදෙනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා 300,000 ක් ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් විසින් නිල වශයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත භාර දීම අද (2021 අගෝස්තු 28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ද සහභාගී විය.

28 Aug 2021

නැගෙනහිර නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

පවත්නා වසංගත තත්ත්වය හමුවේ ප්‍රදේශයේ රෝහල් තුල ඇති ලේ බැංකු තුල පවත්නා රුධිර සංචිත ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත වැටීම හේතුවෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස්ගේ සංවිධායකත්වයෙන් වාකරේ, ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප කඳවුරු සංකීර්ණයේදී 2021 අගෝස්තු මස 25 වන දින ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

27 Aug 2021

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහන සාර්ථකව අවසන් වේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය විසින් නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලද ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනෙහි සහතික පත් ප්‍රදානය වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල්, ඒඩබ්ලිව් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්,කොමදෝරු නිශාන්ත පීරිස් ගේ සහභාගීත්වයෙන් 2021 අගෝස්තු 25 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

27 Aug 2021

අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව වෙත තෙමහල් නිවසක් ලබා දෙයි

ක්‍රවුන් රෝයල් හෝල්ඩින්ස් ආයතනයේ සභාපති සහ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වන විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් අජිත් කාංගර ආරච්චි මහතා විසින් ඔහුට අයත් සියළු පහසුකම් සහිත තෙමහල් නිවසක් නාවික හමුදා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාරදීම 2021 අගෝස්තු 23 වන දින අග්ගොන තලංගම ප්‍රදේශයේදී සිදු කෙරිණි.

24 Aug 2021

සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

සායනික ඔක්සිජන් රැගෙන කොළඹ වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ “ශක්ති” නෞකාවන්හි නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 අගෝස්තු 23) පෙරවරුවේ සහභාගී විය. එහිදී සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව ඉන්දියානු නාවික හමුදා ශක්ති නෞකාවේ නැව් මුළුවට සහ ඉන්දියානු නාවික හමුදාව වෙත ද, ඉතා කෙටි දැනුම් දීමකදී ‍නෞකාව සූදානම් කොට මෙම ජාතික කාර්යය සඳහා කැපවුණු ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැව්මුළුවට ද සිය කෘතඥතාවය ඵලකීරිමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

23 Aug 2021

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දීයාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති ‍නෞකාව සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු මස 22 වන දින මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු වීය.

23 Aug 2021

සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය ‍නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව කොළඹ වරායට සේන්දු වේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතාගෙන් සෘජුවම සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ආසන්න වශයෙන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගෙන ඉන්දියාවේ විශාකපට්නම් වරායෙන් 2021 අගෝස්තු මස 19 වන දින ශ්‍රී ලංකාව බලා පිටත්වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද (2021 අගෝස්තු 22) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.

22 Aug 2021

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත් ශක්ති නෞකාවන් මෙරට බලා පිටත් වේ

ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.

20 Aug 2021

ශ්‍රි ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට (2021 අගෝස්තු 17) ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නිල වශයෙන් භාරදීම අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

17 Aug 2021