වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 ජනවාරි මස 08 සහ 09 දෙදින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම විධානයේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි.

10 Jan 2022

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 364 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 243 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 364 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ජනවාරි මස 08 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

09 Jan 2022

ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්

2022 ජනවාරි මස 01 වන දිනට යෙදී තිබූ ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ 26 වන සංවත්සරය නිමිත්තෙන්, සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක්, 2022 ‍ජනවාරි මස 04 සහ 05 යන දිනයන්හි ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේදී පැවැත්විණි.

06 Jan 2022

නාවික මහ රෝහල වෙත වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

වැලිසර නාවික මහ රෝහල වෙත ප්‍රදානය කරන ලද ICU Ventilator යන්ත්‍රයක් සහ Digital BP Monitor යන්ත්‍ර දෙකක් (02) කොමාණ්ඩර් (විශ්‍රාමික) එල්පිකේ හේවගේ විසින් එම රෝහල වෙත ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම අද (2022 ජනවාරි 05) නාවික හමුදා මුලස්ථානයේ දී සිදු කෙරිණි.

05 Jan 2022

නාවික හමුදාව ‘P – 601’ නෞකාව ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස අනභිභවනීය සේවයක් ඉටු කර 2021 සැප්තැම්බර් මස 30 වන දින නාවික හමුදා සේවයට සමුදුන් ශ්‍රීලංනානෞ ජයසාගර (P 601) නෞකාව, ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් භාරදීම 2022 ජනවාරි මස 03 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

04 Jan 2022

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න වැඩභාර ගනී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ නව ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී 2022 ජනවාරි මස 03 වන දින වැඩ භාර ගන්නා ලදී.

04 Jan 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2022 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 03) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

03 Jan 2022

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

02 Jan 2022

නාවික හමුදාධිපතිගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය

නැවුම් බලාපොරොත්තු, ප්‍රාර්ථනා සමඟින් පා තබන 2022 නව වසර නාවික, නාවික සිවිල් ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලුදෙනාටත් යහපත් සිතුවිලි, ප්‍රාර්ථනා ඉටුවන සුබ නව වසරක් වේවායි නාවික හමුදාධිපති වශයෙන් සුබ පැතුම් එක්කරමි.

01 Jan 2022