වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ක්‍ෂාක්’ කිමිදුම් සහයක නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කෙරෙන කිමිදුම් පුහුණු වැඩසටහනක් සඳහා අද (2022 පෙබරවාරි 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

28 Feb 2022

නාවික හමුදාධිපතිගේ පකිස්ථාන නිල සංචාරය සාර්ථකව අවසන් වේ

පකිස්ථානයේ නිළ සංචාරයක නිතරව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එම නිළ සංචාරය සාර්ථකව නිමා කරමින් 2022 පෙබරවාරි 26 වන දින යලි දිවයිනට පැමිණෙන ලදී.

27 Feb 2022

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති පකිස්තානයේ නිල සංචාරයක

නිළ සංචාරයක් සඳහා පකිස්ථානය වෙත පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 පෙබරවාරි මස 22 වන දින පකිස්ථාන නාවික හමුදා මූලස්ථානයේදී එරට නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් එම් අම්ජාඩ් ඛාන් නියාසි (M Amjad Khan Niazi) හමුවිය.

23 Feb 2022

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2022 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports-CISM ) දින සැමරුම් මාර්ග ධාවනය - 2022, ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (2022 පෙබරවාරි 20) කොළඹදී සාර්ථකව නිමාවට පත් විය.

20 Feb 2022

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති අංශයේ, ගෝලීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මෙනඩියු මහතා (Tom Menadue) අද (2022 පෙබරවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

18 Feb 2022

කොළඹ නාවික අභ්‍යාසය 2022 (CONEX – 22) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීය නිපුනත්වය හා ප්‍රායෝගික කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණෙන් සිව්වන වරටත් පවත්වනු ලැබූ කොළඹ නාවික අභ්‍යාසය (Colombo Naval Exercise - 2022 – CONEX - 22) 2022 පෙබරවාරි 14 වන දින සාර්ථකව නිමාවට පත් විය.

15 Feb 2022

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න 2022 පෙබරවාරි මස 12 වන දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වී එම නාවික විධානයේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු අධීක්‍ෂණය කරන ලදි.

13 Feb 2022

ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව පකිස්තානු මහකොමසාරිස්, මේජර් ජෙනරල් (විශ්‍රාමික) උමර් ෆාරුක් බුර්කි (Umar Farooq Burki) අද (2022 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

10 Feb 2022

නාවික හමුදා නිල වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස සම්මානයට පාත්‍ර වෙයි

පසුගිය 2021 වර්ෂයේ පැවති ‘Best Web 2021’ තරඟාවලියේ සම්මාන ප්‍රදානය, 2022 ජනවාරි මස 26 වන දින LK Domain Registry ආයතනයේදී පැවැත්වුණු අතර, එම තරඟාවලියේ රාජ්‍ය අංශයේ ජනප්‍රියම වෙබ් අඩවිය ලෙසත්, රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ තුන්වන ස්ථානය ලෙසත් තේරී පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘www.navy.lk’ නිල වෙබ් අඩවියට ප්‍රධානය කළ සම්මාන, නාවික හමුදාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාරදීම 2022 පෙබරවාරි මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

09 Feb 2022

‍‍‍‍මන්නාරම ප්‍රදේශය සහ එහි ජෛව විවිධත්වය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්

මන්නාරම ප්‍රදේශය, එහි ජෛව විවිධත්වය සහ සංක්‍රමණික පක්ෂීන් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න මහතා විසින් 2022 පෙබරවාරී 05 වන දින උතුරුමැද නාවික විධානයේ ශ්‍රිලංනානෞ තම්මැන්නා ආයතනයේදී පවත්වන ලදී.

08 Feb 2022