වැදගත් සිදුවීම්

‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 44 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 මාර්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

31 Mar 2022

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 නාවික හමුදාව තුළ ක්‍රියාවට නංවයි

''හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය -2022 වැඩසටහනේ සමාරම්භයට සමඟාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැළයක් රෝපණය කර, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ ගෙවතු වගා වැඩසටහන අද දින (2022 මාර්තු 29) ආරම්භ කරන ලදි.

29 Mar 2022

පානම රජයේ දෙමළ විද්‍යාලයට නාවික හමුදාවෙන් පරිගණකයක් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර දිනය නිමිත්තෙන් පානම රජයේ දෙමළ විද්‍යාලයේ සිසු දරුවන්ගේ භාවිතය සඳහා පරිගණකයක් ප්‍රදානය කිරීම 2022 මාර්තු මස 24 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

28 Mar 2022

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් බටහිර මුහුදේදී

ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින ශ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

27 Mar 2022

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කෙරේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති සමුද්‍රීය තොරතුරු විලයන මධ්‍යස්ථානය (Information Fusion Centre - Colombo) වෙත සමුද්‍රීය තොරතුරු එක්රැස් කිරීම හා සබැඳි උපකරණ (MDA Equipment) නිළ වශයෙන් ලබා දීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිශුකොෂි හිඩයාකි (Mizukoshi Hideaki) මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (2022 මාර්තු 25) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

25 Mar 2022

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවති මාණ්ඩලික සාකච්ඡාවේ සහ ඒකාබද්ධ සාගරික සාකච්ඡාවේ තුන්වන වෙළුම නිමාවට පත්වේ

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී 2022 මාර්තු 22 සිට දින දෙකක් (02) ක් පැවති මාණ්ඩලික සාකච්ඡාවේ තුන්වන වෙළුම (03rd Navy to Navy Staff Talks SLN – USN) 2022 මාර්තු මස 23 වන දින සාර්ථකව නිමාවට පත්විය.

24 Mar 2022

ඇමරිකානු නාවික හමුදාවේ හත්වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ හත් වන නෞකා සමූහයේ උප නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රොබට් ටී ක්ලාක් (Reserve Deputy Commander, Seventh Fleet Rear Admiral Robert T. Clark) ඇතුළු නිලධාරීන් පිරිසක් අද (2022 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

21 Mar 2022

කේන්යානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

කෙන්යානු ආරක්‍ෂක උපදේශක කර්නල් එල් පී වෆුලා (Colonel L P WAFULA) අද (2022 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

21 Mar 2022

ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ පූජා භූමි සන්නස් පත්‍රය ප්‍රදානය කෙරේ

යාපනය ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය පූජා භුමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 19 වන දින නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සහභාගී විය.

20 Mar 2022

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2022 මාර්තු මස 18 සහ 19 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම නාවික හමුදාවේ සහයෙන් සිදු කෙරිණි.

20 Mar 2022