වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුවට ජ්‍යෙෂ්ඨ නාවිකයෙක් ද ඇතුලත් ශ්‍රී ලංකා නාවික හමුදා ධුත පිරිසක් සහභාගී වෙයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඩාර්ලින් වරායේ පිහිටි සිඩ්නි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දීය ශාන්තිකර කළාපීය සමුද්‍රීය ආධිපත්‍ය සමුළුව - 2022 (Indo Pacific Sea Power Conference - 2022) සාර්ථකව නිමාවට පත් විය. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නියෝජනය කරමින් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් (පුහුණු) රියර් අද්මිරාල් ධම්මික කුමාර සහ නාවික හමුදා ධූත පිරිසක් සහභාගී වූ අතර, මෙම ධූත පිරිසට ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු ද ඇතුලත් විය.

18 May 2022

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

2566 වන ශ්‍රී සම්බුද්ධ ඡයන්තිය නිමිත්තෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෑම නාවික විධානයක්ම ආවරණය වන පරිදි ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් 2022 මැයි මස 16 වන දින සිට ජුනි මස 16 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

17 May 2022

නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 18 වන තාක්‍ෂණික පාඨමාළාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් 16 දෙනෙකු විසිරයාම අද (2022 මැයි 11) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

11 May 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සේනක සෙනවිරත්න සිය වසර 34කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මැයි 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

04 May 2022

නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අප්‍රේල් මස 30 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

01 May 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර කල්දේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර කල්දේරා සිය වසර 33 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මැයි 01) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

01 May 2022