වැදගත් සිදුවීම්

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 19) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

19 Oct 2022

‍ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රදේශයේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායනය සඳහා නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය, මොල්ලිපොතාන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය විසින්, මොල්ලිපොතාන ප්‍රාථමික රෝහලේදී පසුගිය 2022 සැප්තැම්බර් මස 15, 24 සහ ඔක්තෝබර් මස 15 දිනයන්හි පවත්වන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සහ වෛද්‍ය සායන සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

18 Oct 2022

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ සමාරම්භක උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලීය සමාරම්භක උත්සවය අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 13 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා සන්නද්ධ හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණික විද්‍යාලයේ ප්‍රථම සභාපති, ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

15 Oct 2022

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ පිලිපීනයේ මැනිලා වරායට සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 12 වන දින උදෑසන පිලිපීනයේ මැනිලා වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය, ‍ෂෝබිනී ගුණසේකර මහත්මිය සහභාගී වන ලදි.

13 Oct 2022

ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගිණිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 ඔක්තෝබර් 12) දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

13 Oct 2022

දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් නාවික හමුදා සංගමය විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2022 ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

12 Oct 2022

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න අද (2022 ඔක්තෝබර් 12) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

12 Oct 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් අනුර ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් අනුර ඒකනායක සිය වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 12) දින විශ්‍රාම යන ලදී.

12 Oct 2022

නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 ඔක්තෝබර් මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

12 Oct 2022

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආධුනික පුහුණු මධ්‍යස්ථානයන්හි අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙලට අනුව, පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ඉදිකරන ලද තෙමහල් අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම අද දින (2022 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

07 Oct 2022