වැදගත් සිදුවීම්

එක්සත් රාජධානියේ ජල මාණක ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල මාණක ප්‍රධානී (National Hydrographer of the United Kingdom) රියර් අද්මිරාල් රේට් හැචර් (Rear Admiral Rhett Hatcher) ඇතුළු දූත පිරිසක්, නිල හමුවක් සඳහා 2022 නොවැම්බර් මස 08 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

09 Nov 2022

සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

අනුරාධපුර පූජා භූමියේ ඉදි කරන ලද සඳහිරුසෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය 2022 නොවැම්බර් මස 03 සහ 04 යන දෙදින පුරා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

06 Nov 2022

අන්තර් විධාන සරඹ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය අද (2022 නොවැම්බර් 05) පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

05 Nov 2022

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 32 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම 2022 නොවැම්බර් 04 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී සාර්ථකව පවත්වන ලදී.

05 Nov 2022

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් පූජිත විතාන 2022 නොවැම්බර් මස 03 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

04 Nov 2022

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මෙහෙය ප්‍රධානී, Aurélien Maillet මහතා අද (2022 නොවැම්බර් මස 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

03 Nov 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන සිය වසර 35 කට ආසන්න නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 නොවැම්බර් 03) දින විශ්‍රාම යන ලදී.

03 Nov 2022

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ P 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාගත් පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව අද උදෑසන (2022 නොවැම්බර් 02) කොළඹ වරාය වෙත සේන්දු විය. කොළඹ වරාය වෙත සේන්දු වූ පී 627 නෞකාව පිළිගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ ආරාධනයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.

02 Nov 2022

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ලබාදෙන සේවාවන් පුළුල් කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික හමුදා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුභසාදනය වෙනුවෙන් වැලිසර නාවික සංකීර්ණයේ ස්ථාපිත සේවා වනිතා රූපලාවන්‍යාගාරයේ, මල් සැරසිලි ඒකකයේ සහ බතික් නිෂ්පාදන මධ්‍යස්ථානයේ සේවාවන් පොදු ජනතාවටද සහනදායි මිලකට ලබාගනීමට හැකිවන පරිදි පුළුල් කිරීමට කටයුතු කර ඇත.

01 Nov 2022