වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 22) උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් හමුවිය.

22 Jan 2023

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසය යටතේ සිදුකෙරෙන මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම් හීදී ආරම්භ වෙයි

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය (Marine Exercise - MAREX) අද දින (2023 ජනවාරි 21) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් සංජීව කොඩිකාර ගේ සහ ඇමරිකා එක්සත් ජනපද හතරවන මැරීන් බලඝණයේ, දෙවන බලඇණියේ අණදෙන නිලධාරී, කපිතාන් ශාන් මන්ඩ්‍රයාර් (Captain Shan Mandrayar) ගේ ප්‍රධානත්වයෙන් මුල්ලිකුලම් හීදී ආරම්භ විය.

21 Jan 2023

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු තරික් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතා අද දින (2023 ජනවාරි 21) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී එම නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ප්‍රසාද් කාරියප්පෙරුම හමුවිය.

21 Jan 2023

CARAT–2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයට කොළඹදී සංගීත ප්‍රසංග මාලාවක්

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භය 2023 ජනවාරි මස 19 වන දින සිදුකෙරිණි. එම අභ්‍යාසයට සමඟාමීව පාර්ශ්වකරුවන් අතර සංස්කෘතික හුවමාරුව තුලින් සහයෝගීතාවය ගොඩනැගීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද 7 වන නෞකා සමූහයේ (US 7th Fleet ) සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායම එක්ව කොළඹදී ප්‍රසංග මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, එහි පළමු ප්‍රසංගය 2023 ජනවාරි මස 20 වන දින සන්ධ්‍යාවේ කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

21 Jan 2023

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 20) කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

21 Jan 2023

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 20) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

20 Jan 2023

යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

20 Jan 2023

CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව කොළඹ දී සහ ත්‍රීකුණාමලයේදී

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව, කොළඹ වරාය පරිශ්‍රයේදි සහ ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය පරිශ්‍රයේදී අද දින (2023 ජනවාරි 19) ආරම්භ විය.

20 Jan 2023

35 වන සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 35 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 20 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී එම විද්‍යාපීඨයේ අඥාපති, කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 19) සිදුකෙරිණ.

20 Jan 2023

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව CARAT – 2023 සඳහා සහභාගීවීමට කොළඹ වරායට සේන්දු වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

19 Jan 2023