වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කරෙයිනගර් හිදී පැවැත්වූ 03 වන ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ‍ප්‍රොජෙක්ට් ආයතනය හා සහයෝගයෙන් යාපනය, කරෙයිනගර් හිදී සංවිධානය කළ තෙවන (03) ජීවිතාරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු (08) වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රියාල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 06 වන දින කරෙයිනගර්, ෆෝර්ට් හැමන්හිල් අවන්හලේදී සිදු කෙරිණි.

07 Jan 2023

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක විසින් මීගස්ආර, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත අද දින (2023 ජනවාරි 06) තංගල්ල, මාලිමා උත්සව ශාලාව සහ නාවික නිවාඩු නිකේතනයේදී ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

07 Jan 2023

Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වයි

නාවික හමුදා දියත් විධානය විසින් සංවිධානය කරන ලද Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී 2023 ජනවාරි මස 05 වන දින සාර්ථකව පැවැත්විණි.

07 Jan 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 06) විශ්‍රාම යන ලදී.

06 Jan 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 395 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 395 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජනවාරි මස 05 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

06 Jan 2023

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

05 Jan 2023

වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 05) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

05 Jan 2023

නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ‍පෙරේරා අද දින (2023 ජනවාරි 05) කොළඹ, පොලිස් මූලස්ථානයේදී, ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය.

05 Jan 2023

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

03 Jan 2023

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

03 Jan 2023