වැදගත් සිදුවීම්

‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාවේ අණදෙන නිලධාරී Captain Nopriadi, M. Tr. Hanla ඇතුළු දූත පිරිසක් අද දින (2023 පෙබරවාරි 20) නිල හමුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක නාවික හමුදා මූලස්ථානයේ දී හමුවිය.

21 Feb 2023

“අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසයට සහභාගී වූ සමුදුර නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2023 (AMAN - 2023) බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අමාන් - 2023 බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සාර්ථකව නිමාකර අද දින (2023 පෙබරවාරි 20) කොළඹ වරායට සේන්දූ වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.

21 Feb 2023

නාවික හමුදා කඩොලාන සංරක‍්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ස්ථාපනය කළ කඩොලාන පැළ තවානක් උතුරු මැද නාවික විධානයේදී විවෘත කෙරේ

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපනය කරන ලද කඩොලාන පැළ තවාන අද දින (2023 පෙබරවාරි 20) උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

20 Feb 2023

කළුගං මෝය ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණ වැඩසටහනක්

නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ 2023 පෙබරවාරි මස 19 වන දින කළුතර කළුගං මෝය ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

20 Feb 2023

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - 331’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

19 Feb 2023

2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නම් කෙරේ

2022 වර්ෂයේ හොඳම ශ්‍රීලංකා නාවික හමුදා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවත් කුඩා නෞකාව වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවත් හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව වශයෙන් පී 414 යාත්‍රාවත් 2023 පෙබරවාරි මස 13 වන දින නම් කරන ලද අතර, ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සුරතින් ජයග්‍රහණය ලද නෞකා සහ යාත්‍රාවන්ට හිමි තරු සලකුණු සහිත ඵලකයන් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරල නෞකාවේ දී ලබා දීම සිදුකෙරිණි.

15 Feb 2023

කොළඹ නාවික අභ්‍යාසය - 2023 (CONEX - 23) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) කොළඹ වරාය පරිශ්‍රයේදී සහ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී 2023 පෙබරවාරි මස 06 වන දින සිට 12 වන දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි අවසන් අභ්‍යාසය අධීක්‍ෂණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේ සිට සිදු කෙරිණි.

15 Feb 2023

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි අද (2023 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

14 Feb 2023

නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ISO 45001:2018 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණය වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 45001:2018 සහතිකය ප්‍රදානය කිරීම (OCCUPATIONAL HEALTH & SAFETY MANAGEMENT SYSTEM CERTIFICATION- ISO 45001:2018) 2023 පෙබරවාරි මස 11 වන දින, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරිනී, ආචාර්ය සිද්දිකා ජී. සේනාරත්න මහත්මිය ගේ හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් එන්බීඩී නීලකාන්ති මහත්මිය ගේ සහභාගීත්වයෙන්, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

13 Feb 2023

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සහීර් ශම්ෂාඩ් මිර්සා (General Sahir Shamshad Mirza) අද දින (2023 පෙබරවාරි 10) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

10 Feb 2023