වැදගත් සිදුවීම්

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Raden Eddy Martadinata - (REM - 331)’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

04 Feb 2023

තුර්කි ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, තුර්කි ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්ත හමුදා උපදේශක Staff Colonel Servet OKUMUŞ අද දින (2023 පෙබරවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

03 Feb 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණයෙන් පිදුම් ලබයි

ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා 2019, 2020 සහ 2021 වර්ෂයන්ට අදාලව පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම පිරිනැමීම සහ ‘75 වන නිදහස් සමරු පදක්කම’ පිරිනැමීමේ නිල උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

02 Feb 2023

බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර හමුවක්

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාව 2023 ජනවාරි මස 27 වන දින අළුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් ටීලො එළියට් - ස්මිත් (Commander Teilo Elliot – Smith) සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර හමුවක් 2023 ජනවාරි මස 28 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.

01 Feb 2023

පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත “අමාන් - 2023” බහුපාර්ශවික සාගරික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් “සාමය සහ ආරක්‍ෂාව සඳහා එක්ව” (Together for Peace and security) යන තේමාව පෙරදැරිව අටවැනි වරටත් සංවිධානය කරනු ලබන බහු පාර්ශවික අමාන් - 2023 (AMAN - 2023) සාගරික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද දින (2023 ජනවාරි 31) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි වරාය බලා පිටත් වූ අතර, නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදුර නෞකාව පිටත් කිරීම සිදුකෙරිණි.

01 Feb 2023