වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් සමුද්‍රීය මෙහෙයුම් සඳහා භාවිතා කරන උපකරණ තොගයක් ප්‍රදානය කෙරේ

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ තොගයක් භාරදීම අද දින (2023 මාර්තු 27) කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම උපකරණ තොගය ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ, ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනී සී නෙල්සන් විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා වෙත සංකේතාත්මකව භාරදීම සිදුකෙරිණි.

28 Mar 2023

නාවික හමුදාවේ සහයෙන් ‍ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ සෞඛ්‍ය වැඩසටහනක් පවත්වයි

ත්‍රිකුණාමලය නගර ශාලාවේදී 2023 මාර්තු මස 26 වන දින ත්‍රිකුණාමලය සහ හැදල සිංහ සමාජයන් එක්ව සංවිධානය කළ ප්‍රජා අක්‍ෂි සායනයක් සහ බෝ නොවන රෝග නිවාරණ වැඩසටහනක් සාර්ථකව පැවැත්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කෙරිණි.

27 Mar 2023

විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති 01/2023 ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුද හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 01/2023 (Joint Combined Exchange Training (JCET) Balance Style 01/2023) සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 24 වන දින සිදු කෙරිණි.

26 Mar 2023

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පත්වෙයි

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පදවි ප්‍රාප්ති ‍උළෙල 2023 මාර්තු මස 24 වන දින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

26 Mar 2023

යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව වෙත BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් ලබාදෙයි

යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය 2023 මාර්තු මස 12 වන දින මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා යොදාගනු ලබන BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් අද දින (2023 මාර්තු 25) ගාලු මුවදොර වෙරළ තීරයේදී සිදුකෙරිණි.

25 Mar 2023

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද දින (2023 මාර්තු 24) ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

25 Mar 2023

රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනමයි

ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු (16) වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 24) රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන කාර්යාලයේ දී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, මාලා ලමාහේවා මැතිණිය සහභාගී විය.

25 Mar 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහින්ද මහවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අද දින (2023 මාර්තු 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

24 Mar 2023

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 146 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් එකසිය හතලිස් හය දෙනෙකු (146) සාගරයට මුදා හැරීම 2023 මාර්තු මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.

22 Mar 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් නලීන් හේරත් විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2023 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

22 Mar 2023