කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) 2020 ජුලි 18 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම, තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී වෙඩිතල්තිව් රක්‍ෂිතයට අයත් තිරුකේතීෂ්වරම් ප්‍රදේශයේ කළපු අන්දර ශාක කපමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදී ට්‍රැක්ටර් රථයක්, යතුරුපැදියක්, දම්වැල් කියතක් (Chainsaw), පිහි දෙකක් (02), කපන ලද කළපු අන්දර ශාක කඳන් 60 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් මන්නාරම, නානට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගන්නා ලද අතර, එම පුද්ගලයින්, ට්‍රැක්ටර් රථය, යතුරුපැදිය, දම්වැල් කියත (Chainsaw), පිහි දෙක සහ කපා තිබූ කළපු අන්දර ශාක කඳන් 60 ක පමණ ප්‍රමාණය, සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා වන්කාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.