දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 22වන දින වික්ටෝරියා ජලාශයේ අඹකොටේ පන්සල පාර ප්‍රදේශයේ දිය නෑමට ගොස් ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට සමත් විය.

වික්ටෝරියා ජලාශයේ අඹකොටේ පංසල පාර ප්‍රදේශයේ දිය නෑමට ගොස් සිටි තෙල්දෙණිය පොලිස් වසමේ පදිංචි වයස අවුරුදු 20ක් වන පුද්ගලයෙකු දියේ ගිලී අතුරු දහන්වී ඇති බවත්, එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා නාවික හමුදා සහාය ලබා දීමට කටයුතු කරන ලෙසත් තෙල්දෙණිය පොලිසිය විසින් නාවික හමුදාව වෙත දැනුම් දෙන ලදි. ඒ අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව මෙම මෙහෙයුම සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අදාල ස්ථානය වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව එම නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් දැඩි පරිශ්‍රමයක් යොදා දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, එම මෘත දේහය තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදි.