සැකකටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි මස 22 වන දින රාත්‍රී කාලයේ නගර්කෝවිල් මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකින් සැක කටයුතු යාත්‍රාවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නීති විරෝධී ජාවාරම් සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී, ඒ අනුව 2020 ජුලි මස 22 වන දින නගර්කෝවිල් මුහුදු ප්‍රදේශයේ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කල උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගයින් පිරිසක් අදාල යාත්‍රාව පරීක්‍ෂා කිරීම සඳහා නාවික හමුදා මුර යාත්‍රාවක් යොදවන ලදි. ඒ අනුව පරීක්‍ෂා කිරීමට යාමේදී පලා යාමට උත්සාහ කල සැක සහිත ඩිංගි යාත්‍රාව නාවික හමුදා මුර යාත්‍රාව මගින් එහි සිටි පුද්ගලයින් දෙදෙනා (02) සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

පසුව වැඩිදුරටත් සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ධීවර ආම්පන්න තොගයක් සමඟ එහි සුක්‍ෂම ලෙස සඟවා තිබූ ග්‍රෑම් 54 මිලි ග්‍රෑම් 380ක් පමණ බරැති රන්භාණ්ඩ කිහිපයක් සහ රු 30000.00 ක පමණ මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල ඩිංගි යාත්‍රාව, එහි සිටි පුද්ගලයින් දෙදෙනා (02), රන්භාණ්ඩ, මුදල් සහ අනෙකුත් ධීවර ආම්පන්න නවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදා භාරයට ගන්නා ලද වයස අවුරුදු 26 සහ 41 වයස් වල පසුවන මරදන්කේනි උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පුද්ගලයින්, රන්භාණ්ඩ, මුදල්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පලෙයි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.