තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායකත්වය සපයන නාවික හමුදාව, පසුගිය සතිය තුළ නොරොච්චෝලේ, ත්‍රිකුණාමල චීනවරාය සහ කුච්චවේලි යන ප්‍රදේශයන් තුලදී තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) හා සැකකාරියක (01) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් කල්පිටිය පොලීසිය සමග එක්ව නොරොච්චෝලේ ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 780 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගන්නා ලදි. එසේම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ත්‍රිකුණාමලය ‍පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමඟ එක්ව චීනවරාය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හෙරෝයින් මිලිග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවෙකු (01) ද පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව කුච්චවේලි ප්‍රදේශයේ සිදු කළ තවත් මෙහෙයුමකදී කේරළ ගංජා නමින් හදුන්වන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකාරියක් (01) ද අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 22 ත් 47ත් අතර වයස් වල පසුවන කල්මුනේ, මන්නාරම, චීන වරාය සහ කුච්චවේලි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත. අදාල සැකකරුවන් හා සැකකාරිය සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය, වැඩිදුර පරීක්‍ෂණ සඳහා කල්පිටිය, ත්‍රිකුණාමලය සහ කුච්චවේලි යන පොලිස් ස්ථානයන් වෙත භාර දීමට කටයුතු කරන ලදි.