ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

දිවයිනේ නීතිය හා සාමය පවත්වා ගැනීමට බාධා වන අයුරින් සිදු වන නීති විරෝධි ක්‍රියා මැඩලීම සඳහා නිරන්තර අවධානයෙන් පසුවන නාවික හමුදාව නීති විරෝධි ලෙස ගිනි අවියක් ලඟ තබා ගත් සැකකරුවෙකු 2020 අගෝස්තු 14 වන දින අත්අඩංගුවට ගැනීමට සමත් විය.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ හම්බන්තොට, මහහැබිල්ල ගොන්නෝරුව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මෙසේ සමත් විය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය වැඩිදුර පරීක්‍ෂණ සඳහා හම්බන්තොට පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.