නාවික හමුදා මෙහෙයුම් මගින් තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 05 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය දින කිහිපය තුල පුත්තලම සවීව පුර, පොඩුවකට්ටු, මන්නාරම සහ පල්ලේමුණෙයි ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය මගින් පුත්තලම පොලීසිය හා එක්ව පුත්තලම සවීව පුර ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් හා හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක්, විද්‍යුත් තරාදි 02ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුද (02), නැගෙනහිර නාවික විධානය මගින් කුච්චවේලි පොලීසිය හා එක්ව පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 300 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකාරියක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි

තවද, උතුරුමැද නාවික විධානය මගින් මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම නගරයේ සහ පල්ලේමු‍ණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ද, අලෙවි කිරීම සඳහා ලඟ තබාගෙන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 460ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 160ක පමණ ප්‍රමාණයක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු ද (02) අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 22ත් 53ත් අතර වයසේ පසුවන පුත්තලම, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර අදාල සැකකරුවන් සහ සැකකාරිය, මත්ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගත් අනෙතුත් විෂයන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුත්තලම, කුච්චවේලි සහ මන්නාරම යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.