කේරළ ගංජා කිලෝ 32කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 සැප්තැම්බර් 17 වන දින කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපත ආසන්නයේ ඇති පරමුනායි දූපතේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුක් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 32 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය විසින් කල්පිටිය බත්තලන්ගුන්ඩුව දූපත ආසන්නයේ ඇති පරමුනායි දූපතේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී අතහැර දමන ලද ධීවර වාඩියක ජාවාරම් කරුවන් විසින් පාර්සල් 15ක් වශයෙන් සකස් කර සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 32 ග්‍රෑම් 145ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.