මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමග පුද්ගලයින් 03ක් නීතියේ රැහැනට

නාවික හමුදාව පසුගිය සතිය තුල සිදුකල විශේෂ මෙහෙයුම් මගින් රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සමගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 950ක් (Crystal Methamphetamine) සහ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

31 Oct 2020

නැගෙනහිර සහ වයඹ මුහුදේ නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 27 සහ 28 දෙදින නැගෙනහිර සහ වයඹ මුහුදේ සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

29 Oct 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් පුද්ගලයින් 25 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සතිය තුලදී නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණ යන නාවික විධානයන් තුල සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 25 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

28 Oct 2020

කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඔක්තෝබර් 17 දින සිට 22 දින දක්වා සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් කේරළ ගංජා, හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

23 Oct 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු සහ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

21 Oct 2020

සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ ගිනි අවියක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය විසින් 2020 ඔක්තෝබර් 18 සහ 19 දෙදින පදවිය ඇතාවැටුනුවැව සහ මන්නාරම නානාට්ටාන් යන ප්‍රදේශවල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සහ දේශීයව නිශ්පාදිත ගිනි අවියක් සඟවා තිබියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2020

කේරළ ගංජා කිලෝ 200 කට අධික තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ අද (2020 ඔක්තෝබර් 18) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 200 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

18 Oct 2020

නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට

2020 සැප්තැම්බර් 30 වන දින සිට ඔක්තෝබර් 14 වන දින දක්වා වූ සති දෙකක කාලය තුළ නාවික හමුදාව විසින් උතුරු මැද, නැගෙනහිර, උතුර සහ බටහිර නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 28 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Oct 2020

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව හා පොලීසිය එක්ව පසුගිය සැප්තැම්බර් 10 දින සිට 13 දින දක්වා උතුර, උතුරු මැද සහ දකුණ යන නාවික විධානයන් තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් හෙරෝයින් සහ දේශීය ගංජා සමඟ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

14 Oct 2020

උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 ඔක්තෝබර් 11 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 111 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Oct 2020