නාවික හමුදා විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 නොවැම්බර් මස 11 වන දින කුච්චවේලි පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ලඟ තබාගත් පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නැගෙනහිර නාවික විධානය විසින් කුච්චවේලි පොලීසිය හා එක්ව කුච්චවේලි පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ මෙහෙයුමේදී නිවසක් තුල සූක්‍ෂමව අසුරා තිබූ වෝටර් ජෙල් කූරු 47 ක්, විදුලි නොවන ඩෙටනේටර් 36ක්, අඩියක් පමණ දිගැති සේෆ්ටි ෆියුස් කොටස් 17ක් සහ චාජර් 02ක් සමඟ වයස අවුරුදු 42ක් වන පොඩුවකට්ටු ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කල මෙම මෙහෙයුම මගින් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය සහ අත් අඩංගුවටගත් සැකකරු ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදි.