කිලෝ ග්‍රෑම් 200ක හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

අද දින (2020 දෙසැම්බර් 06) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ ග්‍රෑම් 100ක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සමඟ නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සහය විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් බුද්ධි අංශ එක්ව මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, බෙදාහැරීමට සූදානම් කළ පෙට්ටි සහ පැකට් වශයෙන් අසුරා තිබූ හෙරෝයින් කිලෝ ග්‍රෑම් 100ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100ක් සහ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් හතරක් (04) සමඟ එම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීමට සූදානම් කර තිබූ වාහන හතරක්(04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහය විය.

තවද මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීම උදෙසා සිදු කරනු ලබන මෙවැනි මෙහෙයුම් සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන වෙත ඉදිරියටත් සහය වීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.