මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 27 සහ 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් දෙකක් (02), වියලි කහ කිලෝග්‍රෑම් 2790 පමණ තොගයක්, එන්සාල් කිලෝග්‍රෑම් 803 ක පමණ තොගයක්, ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Apr 2021

රුපියල් මිලියන 72 කට අධික වටිකානමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 අප්‍රේල් මස 28 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Apr 2021

තවත් තහනම් ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව විසින් වලකයි

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් 17 සිට 20 දක්වා මීගමුව, මුන්නක්කරේ කළපු ප්‍රදේශයේ, මන්නාරම කුඩිඉරිප්පු සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1263 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Apr 2021

රුපියල් මිලියන 26 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලීසිය හා එක්ව මුලන්කාවිල්, මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේ අද (2021 අප්‍රේල් 18) සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

18 Apr 2021

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස 10 වන දින අළුයම් කාලයේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 770 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Apr 2021

වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන නීති විරෝධී ධිවර කටයුතු මැඩ පැවැත්වීමට නාවික හමු‍දාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව පසුගිය සතිය තුල නැගෙනහිර නාවික විධානය තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මසුන් ඇල්ලීම සඳහා සකස් කරන ලද වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

09 Apr 2021

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ 2021 අප්‍රේල් 06 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Apr 2021

රුපියල් මිලියන 10 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වන්කාලෙයිපාඩු වෙරළ ප්‍රදේශයේ 2021 මාර්තු 30 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 33 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Apr 2021