මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට යන සිරස්තලය යටතේ 2021 මැයි 31 වන දින 0835 පැයට නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම ප්‍රදේශයේ අද (2021 මැයි 31) සිදු කළ වැඩි දුර පරීක්‍ෂාවේදී තවත් කේරළ ගංජා කිලෝ 31 ග්‍රෑම් 835ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 May 2021

අක්‍රිය වූ ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුමක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශයේ අක්‍රියව තිබූ වාන් දොරටු හතරක් (04) නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි මස 28 වන දින යළි යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.

31 May 2021

රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් තුල සගවා තිබු කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 May 2021

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් හරවා යවයි

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 40ක් සහිත තවත් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වළක්වා නැවත හරවා යැවීමට නාවික හමුදාව 2021 මැයි 29 වන දින කටයුතු කෙරිණි.

30 May 2021

නාවික හමුදාධිපති MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය නිරීක්‍ෂණය කරයි

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්‍ෂණය වන අතර, එම නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් කොටස් වෙරළ තීරයට පාවි ඒම හේතුවෙන් වෙරළ තීරයට සිදුවන බලපෑම අවම කිරීම සහ එම ද්‍රව්‍යන්ගේ අඩංගුවිය හැකි විෂ රසායනික සංයෝග ස්පර්ෂ වීමෙන් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලදී.

27 May 2021

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අක්‍රීය වූ පාලම් පාරුව නාවික හමුදාව යලි පණ ගන්වයි

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටසක් මුහුදේ ගිලී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගනු ලබන පාලම් පාරුව (Ferry) නාවික හමුදාවේ දායකත්වයෙන් අලුත්වැඩියා කර අද (2021 මැයි 27) යලි පණගැන්වීමට කටයුතු කෙරිණි.

27 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 25 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වි ඇති අතර, නෞකාව මතින් මුහුදට වැටෙන බාහාලුම් සහ විවිධ කොටස් මුහුදේ රළ ස්වභාවය අනුව පාවී වෙරළ තීරයට ගොඩගසන බව නිරික්‍ෂණය වේ.

26 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 22 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

25 May 2021

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා දකුණු පාළාතේ ප්‍රදේශ කිහිපයක් සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කිරීමට අද (2021 මැයි 23) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

23 May 2021

රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොණ්ඩමනාරු වෙරළ ප්‍රදේශයේ 2021 මැයි මස 22 වන දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදි වෙරලේ අතහැර දමා තිබු කේරළ ගංජා කිලෝ 131 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 May 2021