නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව රාජගිරිය ප්‍රදේශයේ 2021 මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

බටහිර නාවික විධානය සහ රාජගිරිය විශේෂ කාර්ය බලකාය එක්ව රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක සහිත පුද්ගලයින් තිදෙනෙකු (03) පරීක්‍ෂාවට ලක් කර එම පුද්ගලයින් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. සැකකරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය විකිණීම සඳහා ‍එලෙස රැගෙන යමින් තිබූ බවට අනාවරණය කර ගැනීමට හැකි වූ අතර, එම මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් තිදෙනා (03) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 26ත් 30ත් අතර වයසේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අණාවරණය කර ගැනීමට හැකිවූ අතර, අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.