නාවික හමුදාවෙන් පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ තවත් මෙහෙයුමක්

ගිං ග‍ඟ හරහා ඇති වක්වැල්ල සහ අගලිය පාලම් තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 21 වන දින ක්‍රියාත්මක කෙරිණි.

පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන අපද්‍රව්‍ය වක්වැල්ල සහ අගලිය යන පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින නාවික හමුදාව, දකුණු නාවික විධානයට අනුයුක්ත විශේෂ කණ්ඩායමක් යොදවා එම පාලම් තුල සිරවූ ජලය බැසයාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් උණ පදුරු ආදී අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය කටයුතු කෙරිණි.