MV X-PRESS PEARL නෞකාවේන් ඉන්ධන කාන්දුවක් සිදුවේදැයි පරික්‍ෂා කිරිමට නාවික හමුදා විශේෂ කිමිදුම් මෙහෙයුමක්

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (2021 ජුනි 06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.

ඒ අනුව, MV X-PRESS PEARL නෞකාවෙහි ජලයේ ගිලී ඇති කොටසේ වූ ඉන්ධන ටැංකි මගින් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කර බැලීම මෙම විශේෂ කිමිදුම් මෙහෙයුමේදි සිදු කෙරිණි. එහිදි, දැනට පවතින අයහපත් කාළගුණය හමුවේ මුහුදේ පැවති රළු ස්වභාවය හා අඩු දෘෂ්‍යතාවය මෙන්ම එම මුහුදු ප්‍රදේශයේ පවතින දියවැල් වල ප්‍රබලත්වය හමුවේ මහත් පරිශ්‍රමයකින් කිමිදුම් කණ්ඩායම මෙම මෙහෙයුමේ නිරත විය.

තවද, වැඩි දුරටත් නෞකාවේ ජලයේ ගිලී ඇති කොටස පරික්‍ෂාවට ලක් කර නෞකාවෙන් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වන්නේ දැයි පරීක්‍ෂා කිරීම සදහා හෙට දිනයේ ද මෙම කිමිදුම් මෙහෙයුම සිදු කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇත.