රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නගර්කෝවිල්හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ අද (2021 ජුනි 07) දින සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය මගින් නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ අද (ජුනි 07) උදෑසන සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළට ආසන්න භූමියක ගෝනි 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 96ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී. නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම කේරළ ගංජා තොගයේ විථි වටිනාකම රු.මිලියන 28කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය අද (2021 ජුනි 07) නාවික හමුදා අධික්‍ෂණය යටතේ උතුරු නාවික විධානයේදී විනාශ කිරීමට නියමිතය.