නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2021 අගෝස්තු 25 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය සහ මන්නාරම පොලීසිය එක්ව 2021 අගෝස්තු 25 දින මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගබඩා කිරීම හේතුවෙන් මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝප‍දේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කරන ලදී.