බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 15 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 ග්‍රෑම් 800 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ විජය ආයතනය මඟින් 2021 ඔක්තෝබර් මස 15 වන දින කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කරමින් තිබූ අනුමත ප්‍රමාණයට වඩා කුඩා වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 ග්‍රෑම් 800ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝප‍දේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 47 සහ 54 යන වයසේ පසුවන කල්පිටිය සහ කොන්තන්තිවු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, වියලි මුහුදු කූඩැල්ලන් තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කෙරිණි.