නාවික හමුදා දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ගාල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති මුල්කඩ, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් 2021 නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හිදී ක්‍රියාත්මක කෙරිණි.

පවත්නා වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය මුල්කඩ, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීමෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවදානම වැළැක්වීම උදෙසා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබා දෙයි.

ඒ අනුව, නාවික හමුදාව විසින් ගාල්ල ප්‍රදේශයේ මුල්කඩ, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ අධික වැසි හේතුවෙන් සිරවූ අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමේ මෙහෙයුමක් මෙලෙස 2021 නොවැම්බර් මස 03 සහ 04 යන දිනයන්හිදී දකුණු නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමකින් සමන්විත විශේෂ කණ්ඩායමක් මගින් සිදු කිරීමට කටයුතු කරන ලදී.