කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් යන සිරස්තලය යටතේ නිකුත්කළ පුවත හා සබැ‍ඳේ

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසලදී පුද්ගලයින් පිරිසක් රැගත් පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා ආරම්භ කළ නාවික හමුදා මෙහෙයුම අද පස්වරුව වන විට අවසන් කෙරිණි.

ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා අනුයුක්ත කල ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අනතුර සිදුවූ ස්ථානයේ සිදුකල වැඩිදුර සෝදිසි කිරීම් මඟින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 26 දෙනෙක් කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කළ අතර ඉන් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වී ඇත.