මෙහෙයුම් පුවත්
රුපියල් මිලියන 75ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, දූව කළපු ප්‍රදේශයේ අද (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කුඩා කාර් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2022
රුපියල් මිලියන 20 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව යාපනය, කොවිලන් ප්‍රදීපාගාරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2022 මාර්තු 31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 66 ග්‍රෑම් 600 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2022
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට
යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 මාර්තු මස 30 වන දින රාත්‍රීයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු (03), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
31 Mar 2022