මෙහෙයුම් පුවත්

නයාරු මුහුදේ සඟවා තිබූ වෝටර් ජෙල් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් 2022 අප්‍රෙල් මස 26 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Apr 2022

මසුන් ඇල්ලීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය, සල්ලිමුනෙයි වෙරළ තීරයේ 2022 අප්‍රේල් මස 23 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 08ක්, විදුලි නොවන ඩෙටනේටර් 7ක් සහ අගල් 2.5 බැගින් වූ වෙඩිනූල් 07ක් ලඟතබා ගත් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Apr 2022

රුපියල් මිලියන 20කට අධික වටිනාකමින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේ අද උදෑසන (2022 අප්‍රේල් 20) සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Apr 2022

තවත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඌරුමලේ වෙරළ තීරයේ අද (2022 අප්‍රේල් 18) උදෑසන සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 50ග්‍රෑම් 380ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Apr 2022

රුපියල් මිලියන 59කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ 2022 අප්‍රේල් මස 16 වන දින සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 197ග්‍රෑම් 60ක පමණ තොගයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Apr 2022

රුපියල් මිලියන 45ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 අප්‍රේල් මස 13වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත), සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Apr 2022

නාවික හමුදාව මඟින් දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 අප්‍රේල් මස 07, 11 සහ 12 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.

14 Apr 2022

‘රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 325ක පමණ තොගයක් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට’ යන සිරස්තලය යටතේ 2022 අප්‍රේල් 13 වන දින නිකුත්කළ පුවත හා සබැ‍ඳේ

උක්ත පුවතට අදාල මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වටිනාකම ඒ සම්බන්ධ පසු විමර්ශණ වලදී සංශෝධනය වී ඇති බැවින් උක්ත පුවත පහත පරිදි සංශෝදනය වේ.

13 Apr 2022

රුපියල් මිලියන 6200 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 325ක පමණ තොගයක් දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2022 අප්‍රේල් මස 12 වන දින සවස් කාලයේ ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Apr 2022

රුපියල් මිලියන 08ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2022 අප්‍රේල් 11) උදෑසන සිදුකළ මුර සංචාරයකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් 01ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Apr 2022