මෙහෙයුම් පුවත්

අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන (2022 මැයි 31) වන විට කටයුතු කෙරිණි.

31 May 2022

අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 45ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 May 2022

නාවික හමුදා සහන කණ්ඩායම්, ගංවතුරෙන් පීඩාවට පත් පාසැල් දරුවන්හට සහන සලසයි

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසැල් දරුවන් හට සහන සැලසීමට 2022 මැයි මස 24 දින නාවික හමුදාව කටයුතු කෙරිණි.

25 May 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ පිරිසක් මඩකළපුව මුහුදේදී සහ කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී සහ මඩකළපුව, කලවංචිකුඩි වෙරළ ප්‍රදේශයේ 2022 මැයි මස 18 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 40 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 May 2022

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටියදී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 මැයි 15) සවස් කාලයේදී කටයුතු කරන ලදී.

15 May 2022

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට බස්නාහිර සහ දකුණු පළාත්හී ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට කටයුතු කර ඇත.

15 May 2022

ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාධිපති සහභාගි වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2022 මැයි මස 05 වන දින අත්අඩංගුවටගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය සැකකරුවන් හත් දෙනා (07) ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව මඟින් අද (2022 මැයි 09) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

09 May 2022

හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2022 මැයි මස 05 වන දින ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 May 2022

නීති විරෝධී ධීවර කටයුතු සඳහා සැකසූ පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ පුද්ගලයන් 04ක් යාපනය ගුරු නගර් හිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2022 මැයි මස 05 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීම සඳහා සකස් කළ පුපුරණ ද්‍රව්‍ය කොටස් 07ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 May 2022

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදා සහාය

වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ රෙදිපිලි වෙළඳසැල් තුනක (03) ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වළක්වා පාලනය කිරීමට නාවික හමුදාව අද (2022 මැයි 06) උදෑසන කටයුතු කරන ලදී.

06 May 2022