මෙහෙයුම් පුවත්

මෙරට මුහුදු සීමාව තුළ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවා ගැනේ

කාර්මික දෝෂයක් හේතුවෙන් තලෛයිමන්නාරමට උතුරින් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයට ගසා ගෙන පැමිණ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, එම ධීවරයින් වෙත මානුෂීය ආධාර ලබා දී වෙනත් ඉන්දීය ධිවර යාත්‍රාවක් වෙත අන්තර්ජාතික මුහුදු සීමාවේදී භාරදීමට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (2022 ජූලි 31) කටයුතු කරන ලදි.

31 Jul 2022

නීති විරෝධි ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල රුපියල් මිලියන 09 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමඟ සැකකරුවන් 03 ක් පේසාලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පේසාලේ, කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජූලි මස 25 වන දින රාත්‍රී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රත්‍රං ග්‍රෑම් 470 ක පමණ ප්‍රමාණයක් සහ වාලම්පූරියක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

26 Jul 2022

රුපියල් මිලියන 4 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ 2022 ජුලි මස 23 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 14 ග්‍රෑම් 980 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) නීතීයේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

24 Jul 2022

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු දෙසින් වූ මෙරට මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු සහ ධීවර ආම්පන්න 2022 ජුලි මස 20 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Jul 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 33 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේ (2022 ජුලි මස 21) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Jul 2022

රුපියල් මිලියන 172 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2022 ජුලි මස 19 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 575 යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනෙකු (02) සමගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Jul 2022

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 ජුලි මස 18 වන දින නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිතව) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Jul 2022

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහාය

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ එක් රැස් කරනු ලබන මධ්‍යස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහයෙන් නිවාදමා එම ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදාව අද (2022 ජුලි 16) පස්වරුවේ කටයුතු කරන ලදි.

17 Jul 2022

රුපියල් මිලියන 19 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මණ්ඩතිව් දූපතේ, සම්පකුලම් වෙරළ තීරය, කල්මුණේ තුඩුව වෙරළ තීරය සහ කයිට්ස් අල්ලප්පිඩ්ඩි වෙරළ තීරය ආශ්‍රිතව 2022 ජුලි මස 14 සහ අද (2022 ජුලි 15) සිදුකළ පාමුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 65 කට (තෙත බර සහිතව) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Jul 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට ලක්ව සිටි 55 ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව මඟින් බේරාගැනේ

හම්බන්තොට සිට නාවික සැතපුම් 390 ක් පමණ (කිලෝමීටර් 722 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක ජීවිත අවදානමට ලක්ව සිටි නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන පුද්ගලයන් 55 ක් 2022 ජූලි මස 10 වන දින නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව කටයුතු කල අතර, එම පිරිස අද (2022 ජුලි 12) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලදි.

12 Jul 2022