මෙහෙයුම් පුවත්

අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද (2022 අගෝස්තු 31) පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.

31 Aug 2022

රුපියල් මිලියන 15 කට අධික වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක්‌ යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද අළුයම (2022 අගෝස්තු 29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Aug 2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන 44 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 44 ක්, 2022 අගෝස්තු 28 දින රාත්‍රියේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Aug 2022

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා 2022 අගෝස්තු මස 27 දින රාත්‍රියේ තලෛමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Aug 2022

වත්තල පුබුදුගම වගුරුබිම ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වත්තල පුබුදුගම වගුරුබිම ආශ්‍රිත කැළෑ ප්‍රදේශයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා සහය ඉල්ලා අද (2022 අගෝස්තු 26) දින ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සිදුකළ දැනුම් දීමකට වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායම් තුනක් (03) යොමු කර ගින්න නිවා දැමීම සඳහා සහය ලබා දෙන ලදී.

27 Aug 2022

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ත්‍රීකුණාමලය ෆවුල් තුඩුව සිට නාවික සැතපුම් 47 ක් පමණ (කිලෝ මීටර් 87 ක් පමණ) ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2022 අගෝස්තු 23 වන දින කටයුතු කරන ලදී.

24 Aug 2022

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් මුලතිව් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා අද (2022 අගෝස්තු 22) මුලතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දහ දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Aug 2022

රුපියල් මිලියන 4.5 කට අධික වෙළඳපොල වටිනාකමින් යුත් ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2022 අ‍ගෝස්තු මස 20 වන දින උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Aug 2022

රුපියල් ලක්‍ෂ නවයකට අධික වටිනාකමින් යුත් පෙට්‍රල් තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 අ‍ගෝස්තු මස 20 වන දින කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2022

රුපියල් මිලියන 27 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (2022 අ‍ගෝස්තු මස 19) උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක පමණ තොගයක්(තෙත බර සහිත ) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Aug 2022