වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකාරියක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ අද දින (2023 මැයි 22) දිවා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකක‍ටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක් (54) සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් (50) සමඟ සැකකාරියක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ නාවිකයින් සහ කුච්චවේලී පොලීසියේ නිලධාරීන් එක්ව ත්‍රිකුණාමලය කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ අද දින (2023 මැයි 22) දිවා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකක‍ටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක් (54) සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් (50) සමඟ සැකකාරියක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නීති විරෝධී ලෙස පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සදහා යොදාගැනීමට මෙම වාණිජ පුපුරණද්‍රව්‍ය තොගය මෙලෙස සූක්ෂම ලෙස සඟවා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකාරිය (01) වයස අවුරුදු 21 ක් වන කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය (01), වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක ප්‍රමාණය (54), විදුලි නොවන ඩෙටනේටර් පනහක ප්‍රමාණය (50) ඉදිරි නිතීමය කටයුතු සඳහා කුච්චවේලී පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.