මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 815 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2020 සැප්තැම්බර් 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 1930 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (2020 සැප්තැම්බර් 05) මධ්‍යම රාත්‍රියේදී ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාවක්ද එක් විය.

06 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 1130 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා හා අභීක් යන නෞකා ද්විත්වය මෙම මෙහෙයුම සඳහා එක්විය.

05 Sep 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 05 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය දින කිහිපය තුල පුත්තලම සවීව පුර, පොඩුවකට්ටු, මන්නාරම සහ පල්ලේමුණෙයි ප්‍රදේශයන්හි සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් අයිස්, හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2020

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 සැප්තැම්බර් 05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 05 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන්ගෙ අඛණ්ඩ ප්‍රයත්නය හමුවේ එම ගින්න පාලනයකට නතුකර ගැනීමට සමත්වීම මත ALP Winger නම් ටග් යාත්‍රාව මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවන ලදි.

05 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 04 වන දින 1600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර, එම නෞකාව උදෑසන 0530පැය වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත. මේ සඳහා සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයේ ප්‍රථිඵලවලට අනුව නෞකාව සියළු පැති වලින් සුරක්‍ෂිත කර ඇති අතර, මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 පැය වන විට ගොඩබිමට නාවික සැතපුම් 20ක් පමණ දුරකට ළඟාවී තිබුනද ඒ වන විට නෞකාවේ ගින්න මනාලෙස පාලනය කර තිබූ බැවින් ALP Winger නම් ටග් යාත්‍රාව මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ කරන ලදි.

05 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 04 වන දින 1100 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය සහ ඉන්දියානු නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ වන විට එම ස්ථානය වෙත ලඟා වී ඇත. ගිනි නිවීමේ උපාංග සහ වෘත්තීය ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ටීටීටී 1 (TTT One) නමැති තවත් ටග් යාත්‍රාවක් සහ තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක්ද අද සවස් කාලයේ මෙම ආපදා සහන මෙහෙයුමට එක්වීමට නියමිතය.

04 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 04 වන දින 0600 පැයට “පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය සහ ඉන්දියානු නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒකාබද්ධව තවදුරටත් කටයුතු කරමින් සිටී.

04 Sep 2020

නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට

පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 29 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Sep 2020