මෙහෙයුම් පුවත්

මුහුදේදී ගිනිගැනීමකට ලක්වූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වෙයි

දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක ඇති වූ ගින්නක් සාර්ථකව පාලනය කර අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 නොවැම්බර් 07) කටයුතු කරන ලදි.

07 Nov 2020

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 5711 අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 නොවැම්බර් 06 වන දින වයඹ නාවික විධානයේ සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 5711 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Nov 2020

නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Nov 2020

රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඒමට උත්සාහ කල රුපියල් මිලියන 63කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 213 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) 2020 නොවැම්බර් 05 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Nov 2020

පානදුර වෙරළට ගොඩගැසූ තල්මසුන් නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පානදුර වෙරළ තීරයට ගොඩගැසූ තල්මසුන් රංචුවක් නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමේ මෙහෙයුමක් 2020 නොවැම්බර් 02වන දින සිදු කෙරිණි.

03 Nov 2020

වියලි කහ ටොන් හතරකට (04) අධික තොගයක් සමඟ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගැනේ

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 30 සහ 31 දින වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුල සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 4150 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

01 Nov 2020