මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 29 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කෝවිලම් ප්‍රදේශයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 06) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 98යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Jul 2021

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 442 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අප්‍රේල් මස 01 වන දින සිට ජුනි මස 30 වන දින දක්වා ගතවූ මාස 03ක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 442 ක් සහ ධීවර යාත්‍රා 153 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

02 Jul 2021

දින 03ක් තුලදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් රැගෙන ආ වියලි කහ කිලෝ 2000කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජුනි 29, 30 සහ ජූලි මස 01 යන තෙදින (03) තුළ මන්නාරම, අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 06ක්, ඩිංගි යාත්‍රා 02 ක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Jul 2021