මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් වැල්වැටිතුරේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 14) උදෑසන සිදුකළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Aug 2021

නාවික පුද්ගලයන්ගේ අවධානය හේතුවෙන් මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි ගලවා ගැනේ

උස්වැටකෙයියාව වෙරළ තීරයට ආසන්න මුහුදේ 2021 අගෝස්තු මස 09 වන දින උදෑසන දියේ ගිලෙමින් ජීවිත අවධානමට පත්ව සිටි කාන්තාවකගේ ජීවිතය නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනෙකුගේ (04) අවධානය සහ උත්සාහය හේතුවෙන් බේරා ගැනීමට හැකි විය.

10 Aug 2021

රුපියල් මිලියන 39 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 10) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

10 Aug 2021

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

08 Aug 2021

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් නීතියේ රැහැනට

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් 2021 අගෝස්තු 07 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Aug 2021

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 71ක් පමණ (කිලෝ මීටර් 131ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයක් ඇතිවු මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2021 අගොස්තු මස 04 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

05 Aug 2021

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 16කට අධික වටිනාකමින් යුත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ අද (2021 අගෝස්තු 04) දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 820ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Aug 2021

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 89 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 01 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 89 ක් සහ ධීවර යාත්‍රා 30 ක් ඇතුළු ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

02 Aug 2021

රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 2021 ජූලි 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 109යි ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Aug 2021