මෙහෙයුම් පුවත්

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

ත්‍රිකුණාමලය සිට නාවික සැතපුම් 30ක් පමණ (කිලෝ මීටර් 55ක් පමණ) දුරින් නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්වී ආසාධිත වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව 2021 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.

27 Sep 2021

නීතී විරෝධී ලෙස ප්‍රවාහනය කළ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් නිලාවේලී ප්‍රදේශයේදී නීතියේ රැහැනට

නාවික හමුදාව, නිලාවේලි පොලිසිය හා එක්ව 2021 සැප්තැම්බර් මස 24 වන දින ත්‍රිකුණාමලය, නිලාවේලි අටේ කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු විසි හතක් (27) සහ විදුලි නොවන ඩෙටනේටර් පන්සියයක් (500) ප්‍රවාහනය කළ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

25 Sep 2021

රුපියල් මිලියන 27කට අධික විථි වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 24 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ වලේපාඩු වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 91 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Sep 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 සැප්තැම්බර් 19 සහ 22 යන දිනයන් හීදී මන්නාරම, වංකාලේ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1175කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Sep 2021

රුපියල් මිලියන 68 අධික කේරළ ගංජා තොගයක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, නරිවිල්කුලම් වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 21 වන දින සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ එම වෙරළ තීරයේ අතහැර දමා තිබූ කේරළ ගංජා කිලෝ 228 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Sep 2021

දකුණු මුහුදේ දී අසාධ්‍ය වූ ධීවරයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ගාල්ල සිට නාවික සැතපුම් 120ක් පමණ (කිලෝ මීටර් 222ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ දී මෙරට ධීවර යාත්‍රාවක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබ අසාධ්‍යව සිටි ධීවරයින් දෙදෙනෙකු 2021 සැප්තැම්බර් 18 වන දින ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් කටයුතු කෙරිණි.

19 Sep 2021

දින තුනක් තුළ සිදු කළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ සැකකරුවන් 10ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මන්නාරම, සවුත්බාර් හා ඉරුක්කලම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයන්හි සහ මන්නාරම දකුණු මුහුදේ 2021 සැප්තැම්බර් 16, 17 සහ 18 යන දින තුන තුළදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3704කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් (01) ද, ඉන්දීය ජාතික සැකකරුවන් 06ක් සහ ඉන්දීය ඩව් යාත්‍රාවක් (01) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Sep 2021

රුපියල් මිලියන 1575කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් තවත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් 2021 සැප්තැම්බර් මස 10 වන දින අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 1575කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866ක තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ විදේශීය ජාතික සැකකරුවන් 09 දෙනෙකු අද (2021 සැප්තැම්බර් 18) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලදී.

18 Sep 2021

මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමග සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි අද (2021 සැප්තැම්බර් මස 16) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

16 Sep 2021

රුපියල් මිලියන 14 කට ආසන්න වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම, වංකාලේහීදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ අද (2021 සැප්තැම්බර් 15) උදෑසන සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 47 ග්‍රෑම් 100ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

15 Sep 2021