මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1334කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 02) අළුයම යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1334කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Oct 2021

රුපියල් මිලියන 79කට අධික වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී අත්අඩංගුවට

නාවික හමුදාව මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ 2021 ඔක්‍තෝබර් මස 01 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 09 ග්‍රෑම් 920ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

02 Oct 2021

දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මඟින් නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ 4940 ක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් අද (2021 ඔක්තෝබර් 01) මීගමුව, හලාවත කරුකපනේ, යාපනය අනලතිවු සහ 2021 සැප්තැම්බර් 30 වන දින රාත්‍රීයේ යාපනය, චාවකච්චේරි යන ප්‍රදේශයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4940 කට අධික තොගයක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 1111කට අධික තොගයක් සමඟ සැකකරුවන් 11ක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

01 Oct 2021