නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලන ලද පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27 දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ තොගයක් සමග සැකකරුවන් නාවික හමුදා භාරයට
තහනම් මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට නිරන්තර දායකත්වය සපයන නාවික හමුදාව එහි තවත් එක් දිගුවක් ලෙසින් ගෙවීගිය දින කිහිපය තුළ අම්බලන්තොට, පලෙයිතිව් දූපත සහ පෙරියකාර්සල් යන ප්‍රදේශයන් තුලදී තහනම් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.
08 Aug 2020
මුහුදේ ආපදාවට පත් ධීවරයින් වෙත නාවික හමුදාව සහන සලසයි

ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුළදී ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදු කරන ලද ආපදා සහන ඉල්ලීම් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් සාර්ථක මුදවාගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී.
06 Aug 2020
නාවික හමුදා අඛණ්ඩ මෙහෙයුම් මගින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට දායක වෙමින් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. එලෙස නාවික හමුදාව විසින් 2020 ජුලි 30 හා අගෝස්තු 03 අතර සිදු කළ මෙහෙයුම් මගින් සැකකරුවන් දෙදෙනෙක් තහනම් මත් ද්‍රව්‍ය සහ භාණ්ඩ සමග නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කරන ලදි.
05 Aug 2020