මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 15 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේ, වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේ සහ නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Oct 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 02 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේ සහ එරක්කණ්ඩි ප්‍රදේශයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), ලොරි රථයක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Oct 2023

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ අකුරුස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 සැප්තැම්බර් මස 28 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

01 Oct 2023

නාවික හමුදාව මඟින් ගාල්ල වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 සැප්තැම්බර් මස 29 වන දින ක්‍රියාත්මක කෙරිණි.

30 Sep 2023

අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 සැප්තැම්බර් 28) කටයුතු කෙරිණි.

28 Sep 2023

රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් දූපතේ, පූමට්ටෙයි වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් සියයකට (100) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Sep 2023

රුපියල් මිලියන 15 කට අධික දළ විථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු දෙහිවලදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය හා එක්ව, දෙහිවල ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින සන්ධ්‍යා කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 01 ග්‍රෑම් 10 ක පමණ ප්‍රමාණයක් සහිත පාර්සලයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි.

28 Sep 2023

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය පනහක (250) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Sep 2023

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1236 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක (1236) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02), කැබ් රථයක් (01) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Sep 2023

රුපියල් මිලියන 132 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී අද දින (2023 සැප්තැම්බර් 21) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හාර සියයකට (400) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Sep 2023